කටුනායක ගුවන් බඩු ගම්මානයේ ෆිට්ස් එයාර් කූරියර් සේවය හරහා නිදහස් කරන ලද පාර්සලයක තිබී කොකේන් වර්ගයේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.14ක් රේගු නිවාරන අංශයේ කටුනායක කාර්‍යාලයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොලොම්බියාවේ බොගොටා නගරයේ සිට ගනේමුල්ල ප්‍රදේශයේ ලිපිනයකට ගුවන් මගින් එවා තිබූ මෙම පාර්සලයේ අඩංගුව තිබූ විදුලි උපකරනයක සූක්ශමව සඟවා තිබී මෙම මත්ද්‍රව්‍ය සොයා ගනු ලැබුවා.

මේ සම්බන්ධයෙන් සැක පිට මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 23 හා 24 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු හා භාණ්ඩ නිශ්කාශන නියෝජිතයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම කොකේන් තොගයේ වටිනාකම රුපියල් මිලියන 75කට තක්සේරු කර තිබෙන බව රේගුව සඳහන් කරනවා.

වැඩිදුර විමර්ශන සඳහා මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාරදීමට නියමිතයි.

source :- t.ly/Wc1wS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here