නීතී විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන වියළි කහ තොගයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය අංශය පැවසුවේ ඊයේ (10) දින පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී මෙම කහ තොගය හමුව ඇති බවයි.

එම වියළි කහ තොග කිලෝග්‍රෑම් හාරසිය හැත්තෑවක (470) තෙත බර සහිත බව නාවික හමුදා මාධ්‍ය අංශය පවසනවා.

පුත්තලම සේරක්කුලිය වෙරළ ප්‍රදේශයේ ළඳු කැළෑවක සඟවා තිබූ උර දහ හතරක (14) තිබි මෙම වියළි කහ තොගය හමුව තිබෙනවා.

මෙම මෙහෙයුම මඟින් නාවික හමුදා භාරයට ගත් වියළි කහ තොගය ඉදිරි නීතිමය කටයුතු සිදුකරන තෙක් නාවික හමුදා භාරයේ තබා ගන්නා බව නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා සිටියා.

source :- t.ly/Rnxff

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here