Wednesday, April 22, 2026

දේශීය පුවත්

පාරක් වහගෙන වී වේලපු ග්‍රාම නිලධාරිවර‍රයා

ග්‍රාම නීලධාරීවරයෙකු සිය බලය අනිසි ලෙස යොදවමින් කිළිනොච්චිය - පරන්තන් මාර්ගය පුරා වී ගෝනි වේලීම නිසා රථ වාහන සහ ප්‍රදේශයේ ජනතාව අපහසුතාවට පත්වූ පුවතක් වාර්තා වනවා. එම ග්‍රාම නීලධාරීවරයා අද (10) දා උදෑසන සිටම මෙසේ වී වේලීමේ නිරතව තිබෙන බවයි...

ස්වාධීන අභිචෝදක කාර්යාලයක්

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපිත කිරීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණයකර තිබෙනවා. ඒ ජාතික ජනබලවේගයේ “ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ” ප්‍රතිපත්ති ප්‍රකාශනයට සමගාමීවයි. ඒ අනුව එහි මූලික පියවරක් වශයෙන් විද්වත් කමිටුවක් පත් කිරීමට යෝජිත අතර එම කමිටුව පහත අංශ වලින්...

වගා හානි වන්දි දෙන මුවාවෙන් රුපියල් 50,000 ක මුදල් වංචාවක්

වගා හානිවලට වන්දි ලබා දෙන මුවාවෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු කාන්තාවක් රවටා රුපියල් 50,000 ක මුදලක් වංචා කරගෙන පලාගොස් තිබෙන බව පොලිසිය පවසනවා. එම නිවසේ අදාල කාන්තාව පමණක් ජීවත් වන අතර ඇයට කුඹුරු අක්කර 12ක අයිතියක් පවතින බවයි පැවසෙන්නේ. පසුගිය...

අද සහ හෙට දිනයේදී විදුලි කප්පාදුවක් සිදුවේ

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ඊයේ (09) දින සිදුවූ බිඳ වැටීම හේතුවෙන් අද සහ හෙට විදුලි කප්පාදුවක් සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසනවා. ඊට අදාළ යෝජනාව මහජන උපයෝගීතා කොමිෂන් සභාවට යොමුකර ඇති බවයි එම මණ්ඩලය සඳහන් කළේ. එම යෝජනාවට අනුව අද (10) සවස...

කාන්තාවක් තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගනී

යාපනයේ තරුණයෙකු බලහත්කාරයෙන් පැහැර ගෙන ගොස් රුපියල් ලක්ෂ 80ක මුදලක් කොල්ලකරුවන්ගේ ගිණුමකට බැර කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලුව සැකකරුවන් හතර දෙනෙකු යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනයේ ආරියකුලම් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු විදේශ රටක සේවයට යාමේ අපේක්ෂාවෙන් සිට ඇති අතර...

යාපනය විශ්වවිද්‍යාලයේ ගැටුමක්

යාපනය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු ඊයේ (09) රාත්‍රියේ ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා. මෙම ගැටුමෙන් සිසුන් හතර දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඉන් රෝහල් ගතවී ඇත්තේ සිසුන්...

තෝරයාය බස් අනතුරට හේතුව අනාවරණය වෙයි

හතර දෙනෙකුට මරු කැඳවමින් කුරුණෑගල - තෝරයාය ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුරට හේතුව අධික වේගයෙන් එක් බස් රථයක් ධාවනය කිරීම බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ප්‍රකාශ කළා. මාදුරුඔය සිට කොළඹ බලා...

තවත් පොලිසියේ ස්ථාන මාරු වීම් කිහිපයක්

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි රාජ්‍ය නිවේදිත නිලධාරීන් තිදෙනෙකුගේ ස්ථාන මාරුවීම් පෙබරවාරි 12 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරනවා. ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ඒ.ජේ කරවිට - ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රජා පොලිස් සංචාරක හා...

ඇල්ල ඔඩ්සි – නානුඔය නමින් නව දුම්රිය ගමන්වාරයක්

දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉල්ලීම මත ”‍ඇල්ල ඔඩ්සි - නානුඔය නමින් නව දුම්රිය ගමන්වාරයක් නානුඔය හා බදුල්ල දුම්රිය ස්ථානය අතර අද සිට ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව, මෙම නව දුම්රිය අඟහරුවාදා...

දැඩි අසීරුතාවකට පත්වූ බිත්තර සහ කුකුල් මස් නිෂ්පාදයකයන්

බිත්තර සහ කුකුල් මස් මිල පහළ බැසීම හේතුවෙන් එම නිෂ්පාදකයින් අපහසුතාවයට පත්ව ඇති බවත්, සත්ත්ව ආහාර ලෙස සහන මිලට ඉරිගු ලබාදීමට පියවර ගත යුතු බවත් සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමය පවසනවා. එහි සභාපති මාතලී ජයසේකර මේ බව කියා සිටියේ කොළඹ...
statistics