Wednesday, April 29, 2026

දේශීය පුවත්

සුදු ගඟේ දියනෑමට ගිය තරුණයෙකු අතුරුදන්

මාතලේ පොලිස් වසමේ ඕවල පොල්වත්ත බලාගාරය අසල සුදු ගඟේ දියනෑමට ගිය තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව තිබේ. මාතලේ පොලිස් ස්ථානයට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර තිබේ. එලෙස අතුරුදන්ව ඇත්තේ 21 හැවිරිදි දුම්කොළවත්ත, මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අතුරුදන් වූ තරුණයා සොයා මාතලේ පොලීසිය වැඩිදුර...

ඩිෆෙන්ඩරයක් දියවන්නා වගුරට වැටෙයි

පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබේ. අප වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක්ද දක්නට ලැබුණු බවය. ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය අනතුරට ලක්ව තිබුණේ, අද (25) උදෑසන 05.30ට පමණය. රථය...

සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැක

මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ හේතුවෙන් මෙම මුහුදු ප්‍රදේශ රළු...

ප්‍රශ්න පත්‍ර ගැටලුවට තවත් ගුරෙක් අත්අඩංගුවට

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයමින් සිටි උපකාරක පංති ගුරුවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, 49 හැවිරිදි කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි උපකාරක පංති ගුරුවරයෙක්. මෙම උපකාරක පංති...

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා. ඒ අනුව, ප්‍රතිඵල නිකුත් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සූදානම් කරමින් සිටින බවයි ඔහු පවසන්නේ. 2023 අධ්‍යයන පොදු...

දිවයිනේ තැනින් තැන වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ...

අතුරුදන්ව සිටි කාන්තාවක් යළි දිවයිනට

වසර 29ක් පුරා කිසිදු තොරතුරක් නොමැතිව සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටි මවක් යළි සිය දරුවන්ගේ නිවස සොයා පැමිණි පුවතක් වේයන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා. විදෙස්ගත වනවිට ඇගේ පුත්‍රයාට වයස අවුරුදු 13 සහ දියණියට අවුරුදු 12 ක් වූ අතර මේ වන...

මගි සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පනියි

බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වු 1596 දරන මගි සහ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැන ඇතැයි බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවයි බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසන්නේ. මෙම දුම්රිය...

ඉන්ධන සංචිත ගැන අනාවරණයක්

විදුලිබල හා බලශක්ති අමාත්‍යාවරයා ලෙස කටයුතු කළ කංචන විජේසේකර ධුරයෙන් ඉවත් වන බවට ඊයේ (24) සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව තම කාර්යාලය සහ භාවිතා කළ වාහනය යළි අමාත්‍යාංශය වෙත භාර දුන් බවයි එහි දැක්වෙන්නේ. එමෙන්ම, අර්බුදකාරී...

සිව් දරු පියා ඔරුව පෙරළි මරුට

යාපනයේ අරාලි ප්‍රදේශයේ ධීවරයෙකු ඔහුගේ ඔරුව පෙරළීමෙන් මිය ගොස් තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අරාලි මධ්‍ය ප්‍රදේශයේ පදිංචි සී.නාගරාසා නැමති සිව්දරු පියෙකු වන එම ධීවරයා ධීවර රස්සාවට ගොස් පසු දින උදෑසන නොපැමිණීම නිසා පවුලේ ඥාතීන් ඒ පිළිබදව අනෙක් ධීවරයින්ට දැනුම්...
statistics