
බදුල්ල සිට මහනුවර දක්වා ධාවනය වු 1596 දරන මගි සහ භාණ්ඩ ප්රවාහන දුම්රියේ නැරඹුම් මැදිරිය පිලි පැන ඇතැයි බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසනවා.
ඒ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා පැමිණ ඇති බවයි බදුල්ල දුම්රිය පාලක මැදිරිය පවසන්නේ.
මෙම දුම්රිය පිලි පැනිම සිදු වි ඇත්තේ (24) දින 12.30 ට පමණ ඇල්ල සහ දෙමෝදර දුම්රිය ස්ථාන අතරයි.

දුම්රිය පිලි පැනිම හේතුවෙන් දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත්, පීලි පැනිමට ලක් වු දුම්රිය පීලිගත කිරිමේ කටයුතු කඩිනමින් සිදු කරන බවයි දුම්රිය පාලක
මැදිරිය වැඩිදුරටත් පැවසුවේ.
source :- https://tinyurl.com/ymsn8wy4







