Saturday, April 18, 2026

දේශපාලන පුවත්

ආපසු වරෙන්තු කැඳවූ ඩයනා

ආගමන හා විගමන පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා නිකුත් කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා. ඩයනා ගමගේ මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසුව එම...

ආරක්ෂාව අඩු කිරීමට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දින දෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සපයා දී තිබූ ආරක්ෂක සංචිතය අඩු කිරීමට එරෙහිව ඔහු විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා මාර්තු මස 19 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. source :- https://tinyurl.com/5n95uaxs

අතිරේක ලේකම් වරාය අමාත්‍යාංශයේ ලේකම්ට එරෙහිව අධිකරණයට

ප්‍රවාහන, නාවික සහ වරාය කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා තමන්ට එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයේ කටයුතු කිරීමට බාධා කර තම මූලික අයිතිවාසිකම් කඩ කරන බව පවසමින් ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී ඩබ්ලිව්. එස්. සත්‍යානන්ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එමගින් ඔහු ඉල්ලා ඇත්තේ...

සාක්ෂි දෙන්න උසාවි ගිය ඇමති විජිත

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවකට අදාළව අමාත්‍ය විජිත හේරත් අද (05) කොළඹ මහාධිකරණය හමුවේ සාක්ෂි ලබා දුන්නා. කොළඹ මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්.සපුවිද ඉදිරියේ මෙම නඩුව විභාගයට ගත්තා. එහිදී සාක්ෂි ලබාදුන් අමාත්‍ය විජිත...

සුජීව සේනසිංහට රුපියල් මිලියන 250ක වන්දියක්

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුජීව සේනසිංහට අපහාස කිරිමේ සිද්ධියක් සම්බ්නධයෙන් රුපියල් මිලියන 250ක් ගෙවන ලෙස ගල්කිස්ස දිසා විනිසුරු ඩී එම් කොඩිතුවක්කු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සී බී රත්නායකට අද (05) නියෝග කළා. මහ බැංකු බැදුම්කර වංචාව සම්බ්නධයෙන් පුද්ගලික රූපවාහිනී නාලිකාවකදී...

ගාසා තීරයේ පාලනය ට්‍රම්ප් අතට

යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයේ පාලනය ඇමරිකාව අත්පත් කර ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ධවල මන්දිරයේදී හමුවීමෙන් පසුව දෙරටේ නායකයින් පැවැත්වූ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනුයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ...

වී සඳහා සහතික මිල ගැන හඳුන්නෙත්ති කියූ දේ

විපක්ෂයට මාතෘකා නැති නිසා විවිධ මාතෘකා හදාගෙන යමින් සිටින බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති අද (05) පාර්ලිමේන්තුවේදී පැවසුවා. රිලවු ගැන රටේ පැවති ශබ්ධය නැතිවුණේ ඒ අනූව බවයි ඔහු පවසන්නේ. ''සහල් නැති කතාවකුත් හැදුවා, දැන් ඒක වීවලට මාරු කරන්න යන්නේ'' යැයි ඇමතිවරයා කියා...

ක්‍රිෂ් නඩුව සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂට සිතාසි

රගර් ක්‍රීඩාවේ ප්‍රවර්ධනයට බව පවසා ඉන්දීය ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70 ක මුදලක් ලබා ගෙන සාපරාධි සාවද්‍ය පරිහරණ කළේ යැයි චෝදනා ලබා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට ලබන 18 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා කොළඹ මහාධිකරණය විසින්...

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන දෙනේනේ නෑ

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රජයෙන් වාහන ආනයනය නොකරන බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. ඔහු මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින්. අණ්ඩුව ලබා දුන් ප්‍රතිපත්තියට අනුව මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් ලබා නොදෙන අතර ප්‍රතිපත්ති මත මන්ත්‍රීවරයෙකුට වැඩ...

දේශීය පොල් මද කර්මාන්තයට කැබිනට් අනුමැතිය

දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට...
statistics