දේශීය පොල් මද ආශ්‍රිත කර්මාන්ත හා පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි, පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා පොල් මද ආශ්‍රිත අනෙකුත් අමුද්‍රව්‍යයන් දැනට බලාත්මකව පවතින නීතිමය විධි විධානයන්ට අනුගතව කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් සොයා බලා ඒ සඳහා ක්‍රම වේදයක් සකස් කරන ලෙස ජනවාරි 27 වැනිදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකමට සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්ට නියම කර තිබෙනවා.

ඒ අනුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව ශීත කළ පොල් මද හා කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන), පොල් කිරි/පිටි කළ පොල් කිරි හා දිසිදි පොල් ආනයනයට අදාළවයි මාර්ගෝපදේශ සකස් කර ඉදිරිපත් කර ඇත්තේ.

එකී මාර්ගෝපදේශ අනුගමනය කරමින් පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

source :- https://tinyurl.com/bder2yws

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here