සෞභා සංවර්ධන කාර්යාංශයේ ව්‍යුහය, විෂය පථය සහ කාර්යභාරය ප්‍රතිව්‍යුහගත කර, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට සමගාමීව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය අනුමත කර ඇති බව සඳහන්.

දිළිඳුකම පිටු දැකීම පිණිස රාජ්‍ය, පෞද්ගලික හා මහජන මැදිහත්වීම සම්බන්ධීකරණය සඳහා වන වැඩපිළිවෙලක් වශයෙන් ‘ ග්‍රාම ශක්ති වැඩසටහන ” ක්‍රියාත්මක කිරීම සඳහා 2017-03-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබූ අතර ඒ සඳහා ”ග්‍රාම ශක්ති කාර්යාංගය ” ස්ථාපිත කරනු ලැබුවා.

2021-02-01 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එම කාර්යාංශය ” සෞභාග්‍ය සංවර්ධන කාර්යාංශය ” වශයෙන් නම් කිරීමට තීරණය කළා.

පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික ප්‍රතිපත්තියට අනුව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය හා සමගාමීව, ග්‍රාමීය ව්‍යවසාය හා ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය හා ධාරිතා සංවර්ධනය හරහා ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් වඩාත් පුළුල් ප්‍රවේශයකින් යුතුව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි සෞභා සංවර්ධන කාර්යාංශයේ ව්‍යුහය, විෂය පථය සහ කාර්යභාරය ප්‍රතිව්‍යුහගත කර, ග්‍රාමීය සංවර්ධන කාර්යාංශය ලෙස නම් කිරීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බල ගැන්වීම් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

source :- https://tinyurl.com/4ka99j2h

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here