පුළුවන් නම් සිලින්ඩරයක් රැගෙන එන්න
දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක පා.ම මනෝ ගනේෂන් මහතා පැවසුවේ, සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට දැනටමත් ජයග්‍රහණය කර ඇති බවයි.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරිම වෙනුවෙන් නාවලපිටිය ප්‍රදේශයේ පැවති රැස්විමකට සහභාගි විමෙන් අනතුරුව...
අනුර කුමාර අත්අඩංගුවට ගනීයි ද?
ජාතික ජන බලවේග නායක අනුර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොනුකර ඇත.
දේශප්‍රේමයේ ජන බලවේගය විසින් මෙම පැමිණිල ගොනුකර ඇත්තේ අනුර දිසානායක මහතා ජනවාර්ගික කණ්ඩායම් අතර නොසන්සුන් තත්ත්වයක් ඇති කිරීමට කටයුතු කරමින් ඇති...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින නියම වී ඇත
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දින නියම වී තිබෙනවා.
එම මැතිවරණය ඔක්තෝම්බර් 26 වෙනිදා පැවැත්වීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද දහවල් 12ට අවසන් වුණා.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නාමයෝජනා භාරගැනීම සිදුවූ...
පැමිණිලි 3,406 දක්වා ඉහළට
ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ දක්වා පැමිණිලි 3,406 ක් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 1,199ක් සහ දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානවලට පැමිණිලි 2,207ක් ලැබී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ.
මෙම පැමිණිලි...
සයින්දමර්දු ප්‍රදේශයේ ජනරැලියක් අමතමින් රනිල් කියූ දේ
රටේ මීළඟ ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීමේ දී ජනතාව බුද්ධිමත්ව කටයුතු කළ යුතු බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පවසන්නේ ජනතාව නිවැරදි තීරණයක් නොගතහොත් රට තුළ යළිත් ආර්ථික අර්බුදයක් හටගනු ඇති බවය.
අම්පාර සයින්දමර්දු ප්‍රදේශයේ පැවති ජනරැලියක් අමතමින්...
හොර රහසේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු
ජනාධිපතිවරණ ඡන්ද විමසීම හේතුවෙන් ඇමැතිවරුන් දේශපාලන කටයුතුවල නිරතවීම නිසා ඇතැම් අමාත්‍යාංශවල නිලධාරීන් ඇමැතිවරුන්ට හොර රහසේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වේ.
ඇතැම් ආමාත්‍යාංශවල ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමැතිවරුන්ට නොදන්වා විශාල ලෙස මුදල් වියදම් කරමින් මේ දිනවල ගොඩනැගිලි කුලියට...
තැපැල් ඡන්දය භාවිත කිරීම අදින් අවසන්
මෙවර ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදුන් කාලය අදින් (12) අවසන් වේ.
තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලබා දී තිබු පසුගිය 4,5 සහ 6 යන දිනවල ඡන්දය භාවිත කිරීමට නොහැකි වූ සියලු රාජ්‍ය සේවකයින් සඳහා ඊයේ (11) සහ අද...
ජනපති අපේක්ෂකයින්ගේ ආරක්ෂාව ගැන රතු එළියක්..
ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව, දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස පොලීසිය උපදෙස් ලබා දී තිබෙනවා.
අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැස්වීම්වලට පොලීසිය දැඩි ආරක්ෂාව යොදා තිබුණද අපේක්ෂකයන් වේදිකාවට පිවිසීමේදී සහ නික්ම යාමේදී ආධාරකරුවන් පිරිවරාගෙන කටයුතු කිරීම තුළ පවතින දැඩි අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව අදාළ...
ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුණහොත් මොකද කරන්නේ?
තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 10කට අධික ප්‍රමාණයක් බෙදා හැර ඇති බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා ඊයේ (10) පැවසීය.
ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඉදිරි දින කිහිපයේදී ඡන්ද දායකයින්ට බෙදා හැරීමට කටයුතු කරන බව ඔහු පවසයි.
රණසිංහ...
රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව සජිත්ගෙන් ප්‍රකාශයක්
රට ගොඩනැගිය හැකි එකම බලවේගය සමගි ජන බලවේගය බව එහි ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
කුලියාපිටිය ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.
"දැන් රටේ ජනතාවට බොහෝම පැහැදිලි තීන්දුවක් තියෙන්නේ. ඒ පැහැදිලි තීන්දුව තමයි,...














