ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත්ව, දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස පොලීසිය උපදෙස් ලබා දී තිබෙනවා.

අපේක්ෂකයන්ගේ ප්‍රධාන රැස්වීම්වලට පොලීසිය දැඩි ආරක්ෂාව යොදා තිබුණද අපේක්ෂකයන් වේදිකාවට පිවිසීමේදී සහ නික්ම යාමේදී ආධාරකරුවන් පිරිවරාගෙන කටයුතු කිරීම තුළ පවතින දැඩි අනාරක්ෂිත තත්ත්වය පිළිබඳව අදාළ අංශ දැනුවත් කළ බවයි, ඔවුන් කියා සිටියේ.

එමෙන්ම කළුවර ස්ථානවල රැස්වීම් පැවැත්වීම මඟින් ආරක්ෂක අංශ අසීරු තත්වයකට පත්ව සිටින බවද පොලීසිය වැඩිදුරටත් අවධාරණය කළේ ය.

මේ අතර ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව වාර්තාවක් දෛනිකව ලබා ගැනීමට ද තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

source :- https://tinyurl.com/4kybcwus

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here