මහලේකම් කාර්යාල දුම්රිය නැවතුම සහ කොළඹ කොටුව දුම්රිය ස්ථානය අතර දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ.

පානදුර සිට මරදාන දක්වා ධාවනය වන මන්දගාමී දුම්රියක් එලෙස පීලි පැනීමට ලක්ව ඇත.

ඒ හේතුවෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගය අවහිර වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

දුම්රිය දෙපාර්තමේන්තුව නිවේනදනය කරන්නේ, මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන් බොහෝ වේලාවක් ප්‍රමාද වී ධාවනය වීමට හෝ ධාවනය අවලංගු වීමට ඉඩ ඇති බවය.

source :- https://tinyurl.com/mr2z5jh3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here