
සංවර්ධනය සදහා වන අමෙරිකා එක්සත් ජනපද නියෝජිත ආයතනය හෙවත් යු. එස්.ඒඩ් ආයතනය විසින් අරමුදල් සපයන විදෙස් ව්‍යාපෘති අත්හිටුවීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණය නිසා මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල වී තිබෙනවා.
බිම් බෝම්බ පිළිබද ක්‍රියාකාරි ජාතික මධ්‍යස්ථානය කියා සිටියේ, බිම් බෝම්බ ඉවත් කිරීම සදහා වැයවන මුදලින් අඩක් පමණ සපයනු ලබන්නේ යු.එස්.ඒඩ් ආයතනය විසින් බවයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මස 20 වනදා අත්සන් තැබූ විධායක නියෝගයට අනුව ඇමරිකාව විසින් අරමුදල් සපයන විදේශීය ව්‍යාපෘති දින 90 කට අත්හිටුවීමට නියෝග කෙරුණා. ඒ අනුව යූ. එස්.ඒඩ් ආයතනය විසින් මෙරට තුළ ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති රැසක් අත්හිටුවා තිබෙනවා.

මින් වැඩි බලපෑමක් යුද සමයේ උතුරු – නැගෙනහිර පළාත්වල වල දමා ඇති බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට එල්ල විය හැකි බවයි සිවිල් සමාජ සාමුහිකයේ අදහස් වි ඇත්තේ.
ශ්‍රී ලංකාව, 2028 වසර වන විට බිම් බෝම්බ සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති අතර මැග් සහ හෙලෝ යන විදේශීය ආයතන මෙන්ම ඩෑෂ් සහ ෂාප් යන දේශීය ආයතන ද ඒ සදහා එක්ව සිටිනවා. මෙම වසරේ වර්ග කිලෝමීටර් 6ක පමණ භූමි ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කිරීමට සැලසුම් කර තිබූ අතර එමගින් ජීවනෝපාය සිදු කර ගන්නා පිරිස 3,000කට අධිකයි.
රාජ්‍ය නොවන සංවිධාන පිළිබද ජාතික ලේකම් කාර්යාලය පවසන්නේ, මෙරට රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරිත්වය අනුව ශ්‍රේණිගත කර ඇති පළමු සංවිධාන 20 න් 12 ක්ම යූ.එස්.ඒඩ් ආයතනය හරහා මුදල් ලබා ගන්නා සංවිධාන බවයි.
කෙසේ වෙතත්, ඇමරිකානු ආධාර ලෙස මෙරටට වැඩි මුදලක් ලැබෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට නොව රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවලට බව සිවිල් සමාජ සාමුහිකය ප්‍රකාශ කළා.
මේ නිසා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරණය රාජ්‍ය අංශයට ද බලපෑම් එල්ල කළ හැකි බවයි එහි සම කැදවුම්කරු රෝහණ හෙට්ටිආරච්චි කියා සිටියේ.








