සියලු‍ම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් සිදු කරමින් පවතින බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී අනාවරණ වී තිබෙනවා.

ඊට අදාළ අවසන් වාර්තාව මාර්තු මස 31 දින ලැබීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේදී මෙම උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ.

එසේම රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය වන ප්‍රතිපත්තිමය වෙනස්කම් හදුනාගැනීම සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනු කමිටුවක් පත් කිරීමට ද කාරක සභාව නිර්දේශ කළා.

මෙම අනුකාරක සභාව මගින් රාජ්‍ය සේවයේ පත් කිරීම්, තරඟ විභාග පැවැත්වීම, විශ්‍රාම යෑම සහ පුරප්පාඩු ඇතුළු රාජ්‍ය සේවයේ අවශ්‍ය අංශ සම්බන්ධයෙන් සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයන් සිදු කර, ඊට අදාළ යෝජනා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබාදීමට නියමිතයි.

source :- https://tinyurl.com/4pjhrp8a

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here