ලබන මාසයේ සිට චීනයට සියයට 10 ක තීරුබදු පැනවීම කෙරෙහි සලකා බලන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඔහු ජනපති ධූරයේ දිවුරුම් දී දිනයක් ගතවීමටත් පෙර ප්‍රකාශ කළේ චීනයේ නිෂ්පාදිත භාණ්ඩ ආනයනය සඳහා මෙලෙස සියයට 10ක තීරුබදු පැනවීමට සැලසුම් කර ඇති බවයි.

චීනය මෙක්සිකෝව සහ කැනඩාව හරහා ඇමරිතාවට මත්ද්‍රව්‍ය යවන බවට චෝදනා කරමිනුයි මෙලෙස බදු පැනවීමට ට්‍රම්ප් සූදානම් වන්නේ.

සංක්‍රමණිකයින්ට සහ මත්ද්‍රව්‍ය වලට ඇමරිකාවට පැමිණීමට ඉඩදෙන බවට චෝදනා කරමින් මෙක්සිකෝව සහ කැනඩාව මත සියයට 25ක ආනයන බදු අය කරන බවට ට්‍රම්ප් තර්ජනය කර සුළු කාලයක් ඇතුළතයි මෙලෙස චීනයටද ඇගිල්ල දිගු කර ඇත්තේ.

source :- https://tinyurl.com/8hm3np27

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here