
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ මෙරටට පැමිණ සිටින ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාර්ටින් රයිසර් අතර හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුව තිබෙනවා.
අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ රටේ ප්‍රධාන සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳව මෙන්ම ජාතික අභියෝගවලට මුහුණදීම සහ රට තුළ තිරසාර ප්‍රගතියක් අත්කර ගැනීම පිළිබඳව, ඊයේ පැවති මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මෙරට තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ වෘත්තීය පුහුණුව තුළ ගුණාත්මකභාවය ඉහළ නැංවීම පිළිබඳව ද එහිදී අවධානය යොමු වී තිබෙනවා.

එසේම, සිසුන් සඳහා විවිධ වෘත්තීය මාර්ග නිර්මාණය කිරීම සඳහා පාසැල් අධ්‍යාපනය සමඟ වෘත්තීය අධ්‍යාපනය ඉගැන්වීමේ වැදගත්කම ද දෙපාර්ශවයම මෙහිදී අවධාරණය කළ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය සදහන් කළා.
source :- https://tinyurl.com/3t2we85x








