ඉදිරි මාස හතර ඇතුළත පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය කිරීමට අවසර ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා ඇති බව ලංකා පොල් කර්මාන්ත මණ්ඩලයේ සභාපති ජයන්ත සමරකොන් සඳහන් කර තිබෙනවා.

මසකට පොල් ගෙඩි මිලියන 250ක් පමණ අවශ්‍යවන බවත්, ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා පුරෝකථනය කර ඇති අන්දමට පොල්ගෙඩි මිලියන 150ක් පමණ හිඟ බවත්, සභාපතිවරයා සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මෙසේ පැවසුවේ.

එමෙන්ම මාර්තු සහ අප්‍රේල් මාසයන්හි පොල් ගෙඩි මිලියන 50ක පමණ හිඟයක් පවතින බවයි ඔහු පවසන්නේ.

මෙම පොල් ගෙඩි මිලියන 200ක අඩුව කෙසේ හෝ පියවා නොගන්නේ නම් පොල් කර්මාන්තය ඉදිරියට ගෙනයාමට අපහසුවන බව ද ඔහු පවසනවා.

එම නිසයි එම සංගමය විසින් පොල් ආනයනය කිරීම සඳහා රජයට මෙසේ යෝජනා ඉදිරිපත් කර ඇත්තේ.

එහිදී ඔහු මෙසේද පැවසුවා,

”අපි රජයට යෝජනාවලි කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. එකක් තමයි මේ මාස තුන, හතර ඇතුළත අපිට පොල් ගෙඩි මිලියන 200ක් සමානවන විදියට පොල් මද, වියළි පොල් මද, පොල් කිරි සහ ලෙලි ගහපු පොල් ගෙඩි හරි රටට ආනයනය කරන්න අවසරය ලබා දෙන්න කියලා.

දෙවැනි එක තමයි පොල් වගාව දියුණු කරන්න පොහොර ලබා දෙන්න කියලා. අපේ පොල් වගාකරුවෝ අවුරුදු 04ක් විතර පොහොර දාලා නෑ. අවුරුදු 05කර කලින් පොල් පොහොර බෑග් එක රුපියල් 1500ට ගත්තේ, 2022 වසරේදී ඒක කරන්න බැරි වුණා. පොහොර තහනමක් ආවා. ඒ එක්කම 1500ට තිබුණ පොහොර බෑග් එක රුපියල් 12000කට ඉහළ ගියා. පොල් වගාවේ අඩුවට මේ ප්‍රශ්නය තමයි වැඩියෙන්ම බලපාන්නේ.”

source :- https://tinyurl.com/d6367y9m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here