
ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් (විශ්‍රාමික) ජී.එන්.රන්ජිත් වීමලරත්න සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.
ඊට අදාල පත්වීම් ලිපිය තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් අද (20) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේදී භාර ගත්තා.
කැලණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධරයෙකු වන විමලරත්න වසර 25ක කාලයක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කළා.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ නව සභාපතිවරයා පත්වීම් ලිපිය ලබා ගන්නා අවස්ථාවට තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න ද සහභාගි වූ බවයි තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසන්නේ.
source :- https://tinyurl.com/2p94c9hh








