මහවැලි ගඟේ සැඩ පහරට හසුව ගසාගෙන යමින් සිටි වනඅලියෙක් මුදාගැනීමට අද (20) ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

මහවැලි ගඟේ මනම්පිටිය පාළම ආසන්නයේදී මෙම වනඅලියා මුදාගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අනතුරුව එම වනඅලියා අසල රක්ෂිතයට පලවා හැරීමටයි එම ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කර තිබුණේ.

අලියා මහවැලි ගඟේ ජල පහරට හසුව සෑහෙන දුරක් ගසාගෙන පැමිණෙන්නට ඇති බවයි එහි සිටි පිරිස විශ්වාස කරන්නේ.

පවතින අයහපත් කාලගුණය හමුවේ මහවැලි ගඟ ඇතැම් ප්‍රදේශවලින් පිටාර ගැලීමට ලක්ව තිබෙනවා.

source :- https://tinyurl.com/27ph58zf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here