2023 මැතිවරණය සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා අවලංගු කිරීමට සහ අලු‍තින් නාමයෝජනා කැඳවීමට හැකි වන පරිදි පළාත් පාලන ආයතන මැතිවරණ පනත සංශෝධනය කිරීම සඳහා වන කෙටුම්පත් ගැසට් කර තිබෙනවා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ නියෝග පරිදි මෙම ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

ඒ අනුව, මීට පෙර පැවැත්වීමට දින නියම කරන ලද පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කරන ලද නාමයෝජනා පත්‍ර අවලංගුවනවා.

එමෙන්ම දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් නම් කරනු ලැබූ අපේක්ෂකයින් සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ තැන්පතු ආපසු ගෙවීමට ද මෙම පනත් කෙටුම්පත මගින් දැනුම් දී තිබෙනවා.

source :- https://tinyurl.com/yvwef2rv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here