
ජනාධිපති අනුර කුමාර දිසානයකගේ ඉන්දීය නිල සංචාරයේ දී දෙරටේ රාජ්‍ය නායකයන් විසින් ඊයේ (16) පවත්වනු ලැබූ ඒකාබද්ධ ප්‍රකාශය ඉන්දු-ලංකා සහයෝගීතාව තවදුරටත් ස්ථායිකර ශක්තිමත් කරවන බැවින් එය සාදරයෙන් පිළිගන්නා වර්ධනයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
නිවේදනයක් නිකුත් කරමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව පවසන්නේ.
කලාපීය බලශක්ති සහ කාර්මික කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කරමින්, ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා ගිවිසුම සමඟින් ඉදිරියට යාම පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායකට තමා ප්‍රශංසා කරන බවයි හිටපු ජනපතිවරයා පවසන්නේ.

source :- https://tinyurl.com/mzzvwzdh








