
චීන කාන්තා සම්මේලනයේ උප සභාපතිනි යැන්ග් ඩොන්මෙයි, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පවත්වා ඇති අතර, එහිදී කාන්තාවන් සවිබල ගැන්වීම සහ සංවර්ධන සදහා වන අන්‍යොන්‍ය උත්සහයන් පිළිබද අවධානය යොමු වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.
එහිදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය සම්බන්ධයෙන්ද පැසසුමට ලක්ව ඇති අතර, කාන්තාවන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ආර්ථික සහභාගීත්වය පිළිබදවද වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙනවා.

source :- https://tinyurl.com/mr2cm3vu








