ජනාධිපති අනුර කුමාර දිසානායක හෝ අමාත්‍ය විජිත හේරත් පාස්කු ප්‍රහාරය සම්බන්ධ වාර්තාවට ප්‍රසිද්ධියට පත් කිරීමට ප්‍රතිඥාවක් ලබා දෙන තුරු තමා සතු වාර්තාව ආණ්ඩුවට බාර නොදෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (16) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වු වාර්තා පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.

එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුව මේ අවස්ථාවේදී සිදු කල යුත්තේ තමාට පාස්කු වාර්තාව ලැබුණ හැටි නොවන බවයි.

එමෙන්ම මහජන මුදලින් සකස් කල වාර්තාව මහජනතාවට ප්‍රසිද්ධ නොකිරීමට ආණ්ඩුව දරන උත්සහායට තමාට උදව්වක් කරන ලෙස ඉල්ලා සිටිමක් ද මේ සිදු කරන්නේ යැයි ගම්මන්පිල මෙහිදී ප්‍රශ්ණ කර සිටියා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පල වු වාර්තාව තමා සතුව තබා ගැනීම බරපතල වරදක් කලායැයි කැබිනට් ප්‍රකාශක විජිත හේරත් ප්‍රකාශක කලද එයින් අපිව බියට පත් කර මෙම වාර්තාව ප්‍රසිද්ධියට පත් කිරීම වලක්වා ලන්න බැරි බව ගම්මන්පිල මෙහිදී කියා සිටියා.

මෙම වාර්තාව ආණ්ඩුව දින 07 ක් ඇතුළත ප්‍රසිද්ධ නොකලහොත් තමා එම වාර්තාව ප්‍රසිද්ධියට පත් කරන බව ඔහු කියා සිටියා.

source :- https://tinyurl.com/yjuburvh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here