පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ගාලු පාරේ අකුරල සිට ගොඩගම දක්වා අතර ප්‍රදේශයේ මුහුදු රළ ගොඩබිමට පැමිණ තිබෙනවා.

මේ හේතුවෙන් මාර්ගයේ වැලි සහ ගල් තැන්පත්ව පවතින අතර, මෙම මාර්ගයේ රිය ධාවනය කරන යතුරුපැදි හෝ ත්‍රීරෝදරථ රියැදුරන්ට අවධානයෙන් රිය ධාවනය කරන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

අද (16) අලුයම් කාලයේ සිට මුහුදු රළ විටින් විට ගොඩබිමට පැමිණ ඇති අතර ඉන් ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන්කර සිටියේ.

ජාකොටුවැල්ලේ නතරකොට තිබූ බෝට්ටු ද රළ පහරට හසුවීමෙන් මාර්ගයට ගසාගෙන ඇවිත් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම අම්බලන්ගොඩ ධීවර වරායට ද ඊයේ (15) රාත්‍රියේ මුහුදු රළ වේගයෙන් ගොඩ බිමට ගසාගෙන ඒම හේතුවෙන් එහි නවතා තිබූ බෝට්ටුවලට දැඩි අලාභහානී සිදුව ඇති බවයි හිරු වාර්තාකරු වැඩිදුරටත් සඳහන්කර සිටියේ.

source :- https://tinyurl.com/y8bjym93

No description available.No description available.No description available.No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here