ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වනවා.

එම පක්ෂ වාර්තා සඳහන් කරන්නේ මහමැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටළුකාරි තත්ත්වය මත මෙවැනි දෙඩක වීමක් සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ උප සභාපති භාරත් අරූල් සාමි පක්ෂයෙන් ඉවත් වී ඇති අතර ඔහු සිය ධුරයෙන් ඉවත් වන බව දන්වන ලිපියක් එම පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

භාරත් අරූල් සාමි මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය පක්ෂයෙන් තරඟ කිරීමට නියමිතයි.

source :- https://tinyurl.com/ya7p9sbb

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here