නුවරඑලිය සංචාරක හෝටලයක සංවිධානය කර තිබු භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපෙක්ෂකයෙකුට සහය දක්වන නුවරඑලිය දිස්ත්‍රික්කයේ අමාත්‍යවරයෙකු විසින් ඊයේ (17) රැස්වීමක් සංවිධනය කොට තිබුණා.

ඉන් අනතුරුව සංචාරක හෝටලයක පැවැත්විමට නියමිතව තිබු රාත්‍රි භෝජන සංග්‍රහයක් නතර කිරිමට සහකාර මැතිවරණ කොමසාරිස්වරයා පියවර ගත්තා.

එම රැස්විම නුවරඑලිය ප්‍රදේශයේ තොරාගත් පිරිසක් වෙනුවෙන් සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ.

රැස්වීමෙන් පසුව රාත්‍රි භෝජන සංග්‍රහය පැවැත්විම සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලද පැමිණිල්ලක් මත නුවරඑලිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු පිරිසක් එම හෝටලය වෙත ගොස් පරික්ෂා කර තිබෙනවා.

එහිදී රැස්විම පවත්වන ලෙසත් එම රැස්විමට සහභාගි වු පිරිස වෙනුවෙන් රාත්‍රි භෝජන සංග්‍රහයක් නොපවත්වන ලෙසයි සංවිධායකයන්ට උපදෙස් දී ඇත්තේ.

source :- https://tinyurl.com/z5s5xtbd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here