ලබන 21වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් දින දෙකක් රටපුරා සියළුම සුරාසැල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව, ලබන 21වනදා සහ 22වනදා සියළුම සුරාසැල් වසා තැබෙනවා.

මේ අතර, සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් තරු තුනට ඉහළ සුරාබදු ර.බි. 7 බලපත්‍රය සහිත හෝටල් හා විශේෂ බුටින් විල බලපත්‍ර ලත් ස්ථානවල නේවාසිකව රැඳී සිටින සංචාරකයින් සඳහා පමණක් මත්පැන් නිකුත් කිරීමට අවසර ලබා දී තිබෙනවා.

එම නිවේදනය පහතින් දැක්වෙනවා,

source :- https://tinyurl.com/mv3terat

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here