
තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (18) උදෑසන 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වූවා.
එහිදී කමිඳු මෙන්ඩිස් සිය ප්‍රථම තරගයේ සිට නොකඩවා වැඩිම වාර ගණනක අර්ධ ශතක සම්පූර්ණ කර ගත් ක්‍රීඩකයන් අතර සමතැන හිමිකර ගැනීමට සමත් වුණා.
ඔහු මෙසේ සමතැන හිමිකර ගත්තේ, පාකිස්තාන ක්‍රීඩක සෞද් ශකීල් සමගින්.

ඒ අනුව, එය ටෙස්ට් ක්‍රිකට් පිටියේ ලෝක වාර්තාවක සමතැන හිමි කර ගැනීමට සමත් වුණා.
මේ අතර, ඔහු නොකඩවා ඉනිම් හතකදී ලකුණු 50 සීමාව පසු කළ අතර, එහිදී තරග 07දී මුළු ලකුණු 745ක් රැස් කර ගැනීමට සමත් වුණා.#
source :- https://tinyurl.com/a9w3s4pd








