2025 අයවැය දෙවන වර කියවීමේ විවාදය අද (18) පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා.

ඒ අනුව අයවැය විවාදය අද(18) සිට මාර්තු 21 දක්වා පැවැත්වීමට නියමිතයි.

2025 ජනවාරි 9 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, දෙවැනිවර කියවීමේ විවාදය පෙබරවාරි 18 සිට 25 දක්වා දින 7 ක් පැවැත්වීමට නියමිත අතර අනතුරුව පෙබරවාරි 25 වැනිදා ප.ව 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනු ඇති.

2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21 දක්වා සෙනසුරාදා දින 4ක්ද ඇතුළුව දින 19ක් පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත තෙවනවර කියවීමේ ඡන්ද විමසීම මාර්තු 21 වැනිදා ප.ව 6.00ට පැවැත්වෙනු ඇති.

අයවැය කාලසීමාව තුළ සෑම දිනයකම පෙ.ව 9.30 – පෙ.ව 10.00 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න 5ක් සඳහා වෙන් කර ඇති අතර පෙ.ව 10.00 සිට ප.ව 6.00 දක්වා කාල සීමාව තුළ අයවැය විවාදය පැවැත්වේ.

එසේම ඡන්ද විමසීම් පැවැත්වෙන පෙබරවාරි 25 සහ මාර්තු 21 දෙදින හැර අනෙකුත් සෑම දිනකම ප.ව 6.00 සිට ප.ව 6.30 දක්වා කාලය සභාව කල්තබන අවස්ථාවේ යෝජනා සඳහා වෙන් කර තිබෙනවා.

source :- https://tinyurl.com/2dvfaa79

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here