
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් පිඟානකින් පහර දී තුවාල සිදුකළ පුද්ගලයා මේ වනවිට සැත්කමක් සඳහා යොමු කර ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්යක්ෂවරයා පවසනවා.
මේ අතර, මන්ත්‍රීවරයා පහරදීමක් සිදුකළ බව පවසමින් පුද්ගලයෙකු ඊයේ (11) යාපනය මහ රෝහල වෙත ඇතුළත් වී තිබෙනවා.
අප මේ සම්බන්ධයෙන් යාපනය පොලිසියෙන් කළ විමසීමක දී සඳහන් කළේ, යාපනය වාලම්පුරි ප්‍රදේශයේ හෝටලයකදී ඇති වූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් මෙම ගැටුම සිදුව ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද ඔහුට පහරදුන් බව පවසමින් පොලිසියට පැමිණිලක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙම ගැටුම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්ච්චුනා සඳහන් කළේ, තමන්ට පහරදීමට පැමිණි නිසා තමන්ද පහර දුන් බවයි.
කෙසේවෙතත් මේවන විට දෙපාර්ශවයෙන් ලද පැමිණිලි මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
source :- https://tinyurl.com/ycxv5v9z








