ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (12) පස්වරුවේදී ඩුබායිහි පැවැත්වෙන ලෝක රාජ්‍ය සමුළුවේ 2025 වසරේ පූර්ණ සැසිවාරය ඇමතීමට නියමිතව තිබෙනවා.

අනාගත ආණ්ඩු හැඩගැස්වීම යන තේමාව යටතේ පැවැත්වෙන මෙවර සමුළුව අතරතුර, උපායමාර්ගික වශයෙන් වැදගත් වන ද්විපාර්ශ්වික හමු කිහිපයකට ජනාධිපතිවරයා සහභාගී වන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක අද ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා සහ කොලොම්බියාවේ ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝ සමඟද ද්වීපාර්ශ්වික සාකච්ඡාවල නිරත වුණා.

එසේම, හිටපු බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර්, පකිස්ථාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ්, ඔරකල් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ කුවේට් අගමැති එච්.එච්. ෂෙයික් අහමඩ් අබ්දුල්ලා අල් අහමඩ් අල් සබා ද හමුවී ජනාධිපතිවරයා, සාකච්ඡාවල නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිදු කෙරෙන තෙදින සංචාරයේ දෙවන දිනය වන අද, ජනාධිපති අනුර කුමාර දිසානායක, රාත්‍රියේදී පුල්මන් නගර මධ්‍යස්ථානයේ පැවැත්වෙන ප්‍රජා වැඩසටහනට සහභාගී වනු ඇති.

source :- https://tinyurl.com/4yzs5hms

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here