
තෙදින නිල සංචාරයක් සඳහා පැරීසියට ගොස් සිටින ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, කෘත්‍රිම බුද්ධි (AI) සමුළුවට පෙර ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් විසින් එලීසි (Elysee) මාලිගයේ පැවැත්වූ පිළිගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගී වී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, එලීසි මාලිගාට පැමිණි ඉන්දීය අග්‍රාමාතවරයාව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් උණුසුම් වැළඳගැනීමකින් පිළිගත් බවයි.
එලීසි මාලිගයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහිදී අමෙරිකාවේ නව රාජ්‍ය ලේකම් ජේ ඩී වෑන්ස් ද හමු වී තිබෙනවා.

වෑන්ස් එම තනතුරට පත්වීමෙන් අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාව හමුවූ පළමු අවස්ථාව එය වනවා.
මේ අතර ප්‍රංශයට පැමිණීමෙන් අනතුරුව නරේන්ද්‍ර මෝදි එරට සිටින ඉන්දීය ප්‍රජාව මුණ ගැසී ඇති අතර එහිදී ඔවුන්ගෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.








