උතුරු කොරියානු ජනාධිපති කිම් ජොන්ග් උන් අමෙරිකාව ලොව පුරා ගැටුම්කාරී තත්ත්වයක් ඇති කරන බවට චෝදනා කරනවා.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ, කොරියානු මහජන හමුදාව පිහිටුවීමේ 77 වන සංවත්සරය සැමරීම සඳහා එරට ආරක්ෂක අමාත්‍යාංශයේ සිදුකල සංචාරයක් අතරතුරදීයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකාව න්‍යෂ්ටික යුද සමාකරණ අභ්‍යාස සහ අමෙරිකාව, ජපාන සහ දකුණු කොරියානු හමුදා සහයෝගීතාව ගැටුම්කාරී ව්‍යුහයක් ඇති කරන බවත් එය උතුරු කොරියාවට අභියෝගයක් එල්ල කරනු ඇති බවයි.

එසේම, එරට න්‍යෂ්ටික බලවේගයන් තවදුරටත් සංවර්ධනය කිරීමටද උතුරු කොරියානු ජනාධිපතිවරයා ප්‍රතිඥා ලබා දී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

source :- https://tinyurl.com/bddphbxm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here