2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක හෙට (10) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ජනාධිපතිවරයා ලබන 13 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත වන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති මොහොමඩ් බින් සයිඩ් අල් නහියන්ගේ ආරාධනයක් මතයි ජනාධිපතිවරයා මෙම සංචාරය සිදුකරන්නේ.

එහිදී ජනාධිපතිවරයා 2025 ලෝක රාජ්‍ය සමුළුව ඇමතීමට ද නියමිතයි.

එමෙන්ම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අන්‍යොන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දුන්නා.

source :- https://tinyurl.com/mryk4cr2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here