දිවයිනේ ප්‍රදේශ කිහිපයක වායු ගුණ තත්ත්වය අද සුළු වශයෙන් අහිතකර මට්ටමක පැවතිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සදහන් කළා.

එම සංවිධානයේ පාරිසරික අධ්‍යයන හා සේවා අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, අද දිනයේ දිවයින පුරා වායු ගුණ තත්ත්වයේ අගය 64 ත් 116 ත් අතර අගයක පැවතිය හැකි බවයි.

ඒ අනුව, ගාල්ල – කරාපිටිය, කුරුණෑගල, රත්නපුර – ගැටන්ගම, පුත්තලම, බදුල්ල සහ හම්බන්තොට වායු ගුණත්වය සුලු වශයෙන් අහිතකර තත්ත්වයක පවතිනවා.

දිවයිනේ සෙසු ප්‍රදේශවල වායු ගුණත්වය මධ්‍යම මට්ටමේ පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන්.

source :- https://tinyurl.com/9reacdkj

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here