
ඝාතනයට ලක් වූ මාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ දියණිය වන අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙස ඉල්ලා අගමැතිනි හරිනි අමරසූරිය වෙත ලිපියක් යවා තිබෙනවා.
එම ලිපියෙහි ඇය සඳහන් කර ඇත්තේ, තම පියාගේ ඝාතනය සම්බන්ධයෙන් නඩුවේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට නීතිපතිවරයා කළ නිර්දේශය දැඩි ලෙස බලය අයුතු ලෙස භාවිතා කිරීමක් සහ රාජකාරිය නොසලකා හැරීමක් බවයි.
එම නිසා අහිම්සා වික්‍රමතුංග නීතිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එන ලෙසයි මෙසේ අගමැතිනියගෙන් ඉල්ලා ඇත්තේ.

මේ අතර, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධියේ සැකකරුවන් තිදෙනෙකු නිදහස් කළ හැකි බව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා ලිඛිතව දන්වා තිබෙනවා.
නීතිපතිවරයාගේ අත්සනින් යුතුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙතයොමු කළ එම ලිපියේ දැක්වෙන්නේ, ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති කෘත්‍යයට අදාළව ඔවුන් තිදෙනාට එරෙහිව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන බවයි.
සන්ඩේ ලීඩර් පුවත්පතේ කතෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වී මේ වන විට වසර 16ක් ගත වී ඇති පසුබිමක, එම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නීති කෘත්‍යයට අදාළ චූදිතයින් තිදෙනෙකු පිළිබඳ නීතිපති පාරින්ද රණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයා වෙත පසුගිය දා ලිපියක් යොමු කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ, ප්‍රේම් ආනන්ද උදලාගම, තිස්සසිරි සුගතපාල සහ ප්‍රසන්න නානායක්කාර යන චූදිතයින්ට විරුද්ධව තවදුරටත් නීති මගින් කටයුතු කිරීමට අදහස් නොකරන අතර, ඔවුන් නිදහස් කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා වෙත දැන්විය යුතු බවයි.
මේ පිළිබඳව වාර්තා කිරීමෙන් පසු අධිකරණය ගත් ක්‍රියාමාර්ගය පිළිබඳව, අදාළ ලිපිය ලැබී දින 14ක් තුළ තමා වෙත වාර්තා කළ යුතු බවද නීතිපතිවරයා එම ලිපිය මගින් වැඩි දුරටත් දන්වා තිබෙනවා.
අගමැතිනිය වෙත යැවූ ලිපිය මෙතැනින්,
source :- https://tinyurl.com/bdfjfx8k








