
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විදේශ ආධාර හසුරුවා ඇති ආකාරය පිළිබඳව රජය විසින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ, යු එස් එඩ් හෙවත් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හරහා අරමුදල් ලබාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් පාර්ශව සම්බන්ධයෙන් රජය විසින් පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි.
ලොව පුරා ව්‍යාපෘති රැසකට අරමුදල් සැපයූ USAID ආයතනය, මානුෂීය ආධාර මුවාවෙන් තම අරමුදල් වෙනත් රටවල අස්ථාවරත්වයක් ඇති කිරීමට යොදාගත් බවට වාර්තා පළ ව ඇතැයි ඔහු නිකුත් කළ ට්විටර් පණිවුඩයේ සදහන්.

ශ්‍රී ලංකාවට පමණක් මෑත වසරවලදී USAID ආයතනයෙන් ඩොලර් මිලියන ගණනක අරමුදල් සහ ප්‍රදාන ලැබී ඇති බවත් ඒවා රාජ්‍ය නොවන සංවිධාන 100කට අධික සංඛ්‍යාවකට මෙන්ම දේශපාලනඥයන් සහ මාධ්‍යවේදීන්ට ද ලැබී ඇති බවයි එහි දැක්වෙන්නේ.
USAID හෙවත් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය සම්බන්ධයෙන් කතා බහක් මතුවුණේ එමගින් ලබාදෙන විදෙස් ආධාර මාස තුනකට අත්හිටුවීමට ජනාධිතිධූරයට පත්වූ විගස ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කිරීම හේතුවෙන්.
ඒ පිළිබද පැහැදිලි වාර්තා නොමැති අතර යූ එස් එඩ් ව්‍යාපෘති ගැන වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ.








