
ඉදිරියේ දී ජල ගාස්තුව අඩුකිරීමට පියවර ගන්නා බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
එහි සභාපති දීප්ත සමරසේකර සඳහන් කළේ, විදුලි බිල අඩුවීමට සාපේක්ෂව ජල ගාස්තු අඩු කිරීම නොහැකි වුවද, ජනතාවට සහන ලබාදීම කෙරෙහි මණ්ඩලයේ අවදානය යොමුව ඇති බවයි.
ජල ගාස්තු අඩුකිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පසුගිය දා කමිටුවක් පත් කරනු ලැබුවා.

එම වාර්තාව මෙම සතිය ඇතුළත තමන් වෙත ලැබීමෙන් අනතුරුව එය විෂයභාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර, ජල ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රකාශයට පත් කරන බවයි සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.
source :- https://tinyurl.com/ycyhbefr







