
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර රහස් සාකච්ඡාවක් ඊයේ රාත්‍රියේ කොළඹ 7 පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගේ නිවසේ දී පවත්වා තිබෙනවා.
මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් එම පක්ෂයේ ලේකම් තලතා අතුකෝරල සහ හරින් ප්‍රනාන්දු යන අය සහභාගි වුණා.
එමෙන්ම සමග ජන බලවේගය නියෝජනය කරමින් එම පක්ෂයේ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ගයන්ත කරුණාතිලක, මුජීබර් රහුමාන් සහ කබීර් හෂිම් ඇතුළු පිරිසක් සහභාගි වී තිබෙනවා.
මෙම සාකච්ඡාව පැය හතරකට ආසන්න කාලයක් පැවති බවටයි වාර්තා වෙන්නේ.
source :-https://tinyurl.com/26s4njvu








