චීන දොඹකර සමාගමක් සිය සේවකයින්ට වසර අවසාන ප්‍රසාද දීමනා ලබා දීමේ දී අපූරු ක්‍රමයක් භාවිත කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ඩොලර් මිලියන 11ක්, එනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 70ක මුදල් ප්‍රමාණයක් ප්‍රසාද දීමනා ලෙස පිරිනැමීමට එම සමාගම තීරණය කර තිබූ අතර ඒ සඳහා අපූරු කොන්දේසියක් ද පනවා තිබුණා.

එම කොන්දේසිය වූයේ අදාළ මුදල් තොගයෙන් තමාට ගණනය කළ හැකි තරම් ප්‍රමාණයක් පමණක් ඔවුනට ගෙදර ගෙනයාමට හැකි වීමයි.

හෙනන් මයිනින් නැමැති මෙම දොඹකර සමාගම විසින් ඒ සඳහා වෙන් කළ මුදල් ප්‍රමාණය මේසයක් මත තබා තිබූ අතර මිනිත්තු 15ක කාලයක් තුළ දී සේවකයන්ට තමාට ගණනය කළ හැකි තරම් මුදල් ප්‍රමාණයක් තමා සන්තක කර ගැනීමට අවස්ථාව ලබා දී තිබුණා.

මෙම සිද්ධිය ඇතුලත් වීඩියෝ පට චීනයේ ඩූයින් සහ වෙයිබෝ වැනි චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවිවල උණු කැවුම් ලෙස බෙදා ගැනුණු අතර අදාළ කාලය තුළ දී එක් සේවකයෙකු යුවාන් 100,000ක්, එනම් රුපියල් ලක්ෂ 12.07ක මුදලක් එකතු කර ගන්නා අයුරු සටහන් වුණා.

අදාළ සමාගම විසින් මෙම ප්‍රසාද දීමනාව ලබා දී තිබුණේ පසුගිය දා උදා වූ චීන නව වසරට පෙරයි.

source :- https://tinyurl.com/4ndfn5rs

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here