රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීමට කාලය වැය කළ යුතු ආණ්ඩුව දේශපාලඥයන් දඩයම් කිරීම සහ පවුලේ අය දඩයම් කිරීම වෙනුවට තුන් වේලටම ජනතාවට කන්න පුළුවන් ලෙස ආර්ථිකය ශක්තිමත් කරන්නේ නම් එය වටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ පිළිබඳව පවසා සිටියේ යෝෂිත රාජපක්ෂට ඇප ලැබුණු පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

යෝෂිත රාජපක්ෂ සම්බන්ධයෙන් නීතය ක්‍රියාත්මක කිරීම වරදක් නොවන බවත් නමුත් අධිවේගී මාර්ගය ඔස්සේ බෙලිඅත්තටම පැමිණ යෝෂිතව අත්අඩංගුවට ගැනීම අපරාධයක් බවත් සඳුදා, හෝ ඉරිදා පැමිණෙන්න යැයි ප්‍රකාශ කළේ, නම් ඔවුන් පැමිණෙන බවයි නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසා සිටියේ.

source :- https://tinyurl.com/5x8jcnxn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here