මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ, රුපියල් ලක්ෂ 500 ක ශරීර ඇප දෙකක් මත යෝෂිත රාජපක්ෂ නිදහස් කිරීමට මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කළ බවයි.

එහිදී ඔහුට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

මුදල් විශුද්ධිකරණ චෝදනාව යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් බෙලිඅත්ත අධිවේගී පිවිසුම අසළදී පෙරේදා යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අලු‍ත්කඩේ අංක 05 අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු යෝෂිත රාජපක්ෂ අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.

source :- https://tinyurl.com/drmd68uv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here