ලබන මස 02 අවසන් වීමට නියමිතව තිබූ ලෙබනනයේ සටන් විරාම ගිවිසුම දීර්ඝ කර තිබෙනවා.

ලෙබනනයේ අගමැති නජිබ් මිකාටි පවසා ඇත්තේ, අමෙරිකාව සමග ඇති කර ගත් සම්බන්ධතාවෙන් පසුව, සටන් විරාමය පෙබරවාරි 18 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවයි.

මීට පෙර ගිවිසුමේ ලෙබනනයට අදාළ කොටස ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ලෙබනනයේ ඊශ්‍රායල හමුදාව යොදා තිබූණා.

පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී සටන් විරාම සැලැස්ම, ඊශ්‍රායලය සහ ලෙබනන් සන්නද්ධ කණ්ඩායමක් වන හිස්බුල්ලා අතර මාස 14ක ගැටුම අවසන් කර තිබුණා.

එමෙන්ම, ඊශ්‍රායලය හමුදාව විසින් ලෙබනනය වෙත යාමට උත්සාහ කළ පුද්ගලයින් 22 දෙනෙකු ඝාතනය කර තවත් 124 දෙනෙකුට තුවාල සිදු කර ඇති බව ලෙබනනයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙනවා.

source :- https://tinyurl.com/cw86v3fn

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here