රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම පිළිබඳ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළා.

පෙත්සම්කරුවන් සදහන් කර සිටින්නේ කල්දමා තිබෙන පලාත් පාලන ඡන්ද විමසීම සඳහා බාරදුන් නාමයෝජනා පත්‍ර අවලංගු කොට අලුතින් නාමයෝජනා භාර ගැනීමේ අරමුණින් මෙම පනත් කෙටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර බවයි.

මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් ඒවා සම්මත කිරීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් අනුමත වී ජනමත විචාරණයකින්ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා.

source :- https://tinyurl.com/44mczsvz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here