නව වසරේ පසුගිය සති 3ක කාලයට ඇතුලත මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ එක හමාර ඉක්මවා තිබෙනවා.

ඒ අනුව ජනවාරි පළමු වනදා සිට 19 වනදා දක්වා සංචාරකයින් 153,761 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සදහන් වුණේ.

එම සංචාරකයින් අතර ඉන්දීය ජාතිකයින් 27,166ක්, රුසියානු ජාතිකයින් 22,033ක්, බ්‍රිතාන්‍ය ජාතකයින් 9,763ක් සිටින බව සදහන්.

කෙසේ වෙතත් පසුගිය වසරේ ජනවාරි මාසයේ සංචාරකයින්ගේ පැමිණීම සටහන් ව තිබුණේ 102,545 ක් ලෙසයි.

source :- https://tinyurl.com/5ceyntnh

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here