පොල් ගස් කැපීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් සහ මණ්ඩලයෙන් අනිවාර්යයෙන් අවසරය ලබා ගත යුතු බව පොල් සංවර්ධන මණ්ඩලය පවසනවා.

2023 ගස් හෙලීමේ පනතට අනුව පොල් ගස් කැපීමේදී ද අවසරයක් ලබා ගත යුතු නමුත් ජනතාවගේ නොදැනුවත් බව නිසා අවසරයකින් තොරව ගස් කැපීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බවයි එම මණ්ඩලය සදහන් කළේ.

ඒ අනුව නිසි අවසරයකින් තොරව පොල් ගස් කපන පුද්ගලයින් මාස 6 ක සිර දඩුවමකට යටත්විය හැකි අතර එක් ගසකට 5000 ක දඩයක් ගෙවිය යුතු බව පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රකාශිකාවක සදහන් කළා.

source :- https://tinyurl.com/2pfpt9c6

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here