
වර්තමානයේ මෙරට සිටින ආණ්ඩුකාරවරයෙක් විශාල වශයෙන් පොල් මිලට ගෙන අපනයනය කරමින් සිටින බවට ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත් චෝදනා කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹදී ඊයේ (23) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.
පොල් හරහා සිදුවෙමින් ඇත්තේ ද ආනයනික බිත්තර ක්‍රියාවලියේ දෙවැනි වංචාව බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මෙම පොල් අපනයනය කිරීම මේ මොහොතේ අත්හිටුවහොත් පොල් හිඟයට විසඳුමක් ලැබෙනු ඇති බවද සභාපතිවරයා පැවසුවා.
එහිදී අදහස් දැක්වූ ජාතික පාරිභෝගික පෙරමුණේ සභාපති අසේල සම්පත්,
” පිටරටින් පොල් ගේන්න කලින් ඔයාලා විසින් පත්කළ ආණ්ඩුකාරයෙක් ගාව තමයි එක්ස්පෝ ලංකා තියෙන්නේ. එයා තමයි ඩී. සී. වලට මේ කට්ට පිටින් පොල් අරගෙන කුරුණෑගල ඔය අලව්ව ඔය පැත්තේ තියෙන පොල් ටික සේරම අරගෙන පිට යවන්නේ. එයාට කියන්නේ පිටරට යවන එක නවත්තන්න කියලා. මේ ගහන්නේ ආනයනික ඉන්දීය බිත්තර ගැහිල්ලේ දෙවෙනි ගැහිල්ල ගහන්නේ මේ පොල්වලට. පොල් කෝටි විස්සක්. අම්මට සිරි වෙයි. අපි අහනවා ඕගොල්ලන්ට පොල් සංවර්ධන මණ්ඩලයට පොල් වගා කිරීම්වලට අවුරුදු සීයක් ලං වෙනකොට තව අවුරුදු මාස ගාණකින් හරි අවුරුදු ගාණකින්. උඹලා මෙතෙක් කල් මොනවද පුතේ කරේ? පොල් ගෙන්නන්න. ගෙන්නන ගාන කියන්න. එක එක ගෙඩියකින් රුපියලක් තියා ගත්තොත් අම්මටසිරි වෙයි කෝටි දෙසීයක්. කොහොමද වැඩේ? හරි ද? ඒ නිසා මේගොල්ලොන්ට දැන් පොල් සම්බල් කන්න එපාලු. පොල්කිරි භාවිතය අඩු කරන්නලු. එහෙම තියෙද්දි මොන මඟුලකටද පොල් ගේන්නේ මේ රට පිටරටින්. දැන් චතුරංග අබේසිංහ කියන විදියට පොල් සම්බලුත් නාස්ති වෙනවා නම්, පොල්කිරිත් නැත්නම්, එතකොට පොල් ගේන්නේ මොකටද? කොට්ට පොල් ගහන්නද? ”
source :- https://tinyurl.com/yemazbf6








