
වී සඳහා තවමත් සහතික මිලක් නොමැති පසුබිමක රුපියල් 140ක සහතික මිලක් යටතේ රජය වී මිලදී ගත යුතු බව රාජාංගනය ගොවිජන ව්‍යාපාරය පවසනවා.
මේ අතර කැකුළු සහල් හිඟය මෙන්ම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම හේතුවෙන් රජය මැදිහත්ව සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙත සහල් ලබා දීමේ වැඩසටහනක් යටතේ මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු කෙරුණා.
ඇතැම් දිස්ත්‍රික්කවල පවතින කැකුළු සහල් හිඟය මෙන්ම පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීම මූලික කර ගනිමින් ඊට පිළියමක් ලෙස රජය මැදිහත්ව ආනයනික සුදු සහල් සුළු පරිමාණ ව්‍යාපාරිකයන් වෙත වෙළෙඳසැල අසලටම යුද හමුදාවේ ද සහය ඇතිව ලබා දීම සිදුකෙරෙනවා.

ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ පාරිභෝගිකයන්ට සහන මිලට සහල් ලබාදීම සිදු කෙරුණු අතර නාවික හා හමුදා ට්‍රක් රථ වෙත සහල් පටවා මාතර දිස්ත්‍රික්කයේ සියලුම නගර වෙත ප්‍රවාහනය කිරීමට කටයුතු කෙරුණා.
රුපියල් 205 ක් වූ තොග මිලට ආනයනික සහල් ලබා දීමටයි සැලසුම් කර තිබෙන්නේ.
source :- https://tinyurl.com/4hzb86v9







