රජය විසින් පැනවූ සුරාබදුවලට අදාළව මත්පැන් මිල වැඩිකිරීම සිදුනොකර එය සමාගම්වල ලාභයෙන් සහ මත්පැන් අලෙවිසැල් සඳහා ලබාදෙන ලාභයෙන් අඩුකරගෙන මෙතෙක් පැවති මිලම ඉදිරියටත් පවත්වාගෙන යන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ලෙස තමන් කිසිදු මත්පැන් සමාගමකට උපදෙස් ලබා නොදුන් බව සුරාබදු කොමසාරිස් ජනරාල් උදය කුමාර පෙරේරා පවසනවා.

ඒ සඳහා මත්පැන් නිෂ්පාදන සමාගම්වලට යෝජනා කිරීමට කිසිදු සාකච්ඡාවක් ද සිදුනොකළ බවයි ඔහු පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් මාධ්‍යවල පළවන වාර්තාද සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි හෙතෙම සඳහන් කරන්නේ.

රජය විසින් 6%ක සුරාබදු ඉහළ නැංවීම හේතුවෙන් මේ වනවිට මත්පැන් මිලිලීටර් 750 බෝතලයක් සඳහා රුපියල් 120ක මිල වැඩිවීමක්ද, මත්පැන් කාලේ බෝතලයක් සඳහා රුපියල් 25ක පමණත් මිල වැඩිකිරීමක් සිදුවී තිබෙනවා.

source :- https://tinyurl.com/2mu8jecy

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here