ජනාධිපති අනුර කුමාර දිසානායක, ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා චීනයේ රාජ්‍ය සංචාරයක නිරත වන බව විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.

චීන ජනාධිපති ෂී ජින් පිංගේ ආරාධනයකට අනුව මෙම සංචාරය සිදු කෙරෙන අතර එහිදී දෙරටේ ජනාධිපතිවරු ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති.

එසේම, මෙම සංචාරයේදී ජනාධිපතිවරයා චීන අග්‍රාමාත්‍ය ලී චියන්ග් සහ චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති ජාඕ ලජි හමුවීමට ද නියමිතයි.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කළේ.

source :- https://tinyurl.com/3yzcvr6p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here