මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන විසින් රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන මාර්තු මස 1 වැනි දිනයට පෙර වෙන්දේසි කර, එම ආදායම් වාර්තා ඉදිරිපත් කරන ලෙස සියළුම රාජ්‍ය අංශ ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා.

මෙම උපදෙස්, චක්‍රලේඛයක් මඟින් අමාත්‍යාංශ ලේකම්වරුන් සහ අනෙකුත් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති අතර, වෙන්දේසි කරන ලද රථවහන් කිසිදු රාජ්‍ය ආයතනයක් විසින් නැවත මිලදී ගැනීම සම්පුර්ණයෙන්ම අඛණ්ඩ කළ යුතු බවද එම චක්‍රලේඛය මගින් අවධාරණය කර ඇති බව සඳහන්.

වර්ගීකරණය කරන ලද මෝටර් වාහන අතුරින් අදාළ ආයතනයේ භාවිතය සඳහා මෝටර් වාහන අවශ්‍ය වන්නේ නම්, මේ සමග වන ඇමුණුම I හි සඳහන් ආකෘතිය අනුව සකස් කරන ලද එම වාහනවල විස්තරද සමග එම අවශ්‍යතාවය සාධාරණීකරණය කරමින් අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා,No description available.No description available.ගණන් දීමේ නිලධාරියා විසින් භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබා ගැනීම සඳහා 2024 දෙසැම්බර් 31 දිනට පෙර කොස්ට්‍රෝලර් ජනරාල් කාර්යාලය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.

එම තොරතුරු අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා / ගණන් දීමේ නිලධාරියා විසින් සහතික කළ යුතු අතර එසේ කළ නොහැකි විශේෂිත අවස්ථාවන් වලදී ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා, ගණන් දීමේ නිලධාරියා වෙනුවෙන් ආයතනයේ පරිපාලන කටයුතු පිළිබඳව වගකීම දරනු ලබන අදාළ ඉහලම නිලධාරියා විසින් නිසි ලෙස සහතික කළ යුතු බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

source – https://tinyurl.com/4yajrc9p

No description available.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here